තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (27) පස්වරුවේ සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මාතර සිට තංගල්ල බලා ධාවනකළ හා තංගල්ල සිට දික්වැල්ල බලා ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් ගැටී මෙම අනතුර සිදුව ඇත.
තුවාල ලැබුවන් නාකුළුගමුව හා තංගල්ල රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර තිබේ.
තංගල්ල පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.