Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගනී
    Featured

    බොරලැස්ගමුවේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගනී

    By LFNAugust 24, 2025No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරලැස්කුමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

    එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

    බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටි අයෙකු ඉලක්කකර ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.

    මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පදිංචි ගිහාන් දුලාන් පෙරේරා නොහොත් චොප්පේ නමින් හඳුන්වන 21 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

    මේ අතර වෙඩි තැබීමෙන් ඔහු සමග පැමිණි 28 හැවිරිදි තවත් පුද්ගලයෙකුද තුවාල ලබා රෝහල්ගත කළ අතර එම තැනැත්තාගේ අතෙහි ඇඟිලි දෙකකට තුවාල සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

    මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියකු වන අතර දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංක නැමැත්තාගේ සමීපතමයකු සමග සංගීත සංදර්ශනය අතරතුර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

    එම සිදුවීමට පළිගැනීමක් වශයෙන් සංගීත සංදර්ශනය නිමවී තවත් පිරිසක් සමග මරණකරු නිවස බලා පාගමනින් පැමිණෙන අතරතුර මෙලෙස වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.

    කෙසේ වෙතත් වෙඩි තැබීමට සම්බන්ධ කිසිවෙකුත් මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 20250108 Views

    මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර…

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.