Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි
    Featured

    ජනාධිපති අරමුදලෙන් සබරගමුව පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ අගයයි

    By LFNAugust 24, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ සබරගමුව පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

    මෙහිදී රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිසුන් 10 දෙනකු බැගින්, සිසුන් 360 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

    මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 36කි.

    එහිදී සිසු දරුවන් ඇමතූ කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ රාජ්‍ය දේපළ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීම රජයක වගකීම වන අතර ජනාධිපති අරමුදල මේ වන විට එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් සිටින බවය.

    එමෙන්ම දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගත් අනාගත පරපුරක් රටට අවශ්‍ය බවත්, වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් බිහි කිරීමට අපේක්ෂා කරන්නේ එවන් පරපුරක් බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

    බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාද සිසු දරු දැරියන් ඇමතූ අතර දුෂ්කර ගමනකින් පසු සුවිසල් සමාජ පරිවර්තනයක් සමග රට භාරගත් වත්මන් රජය විශිෂ්ට අධ්‍යාපන පරිවර්තන යෝජනාවලියක්ද ඉදිරිපත් කර තිබෙන බවත්, එම අධ්‍යාපන පරිවර්තනයන් යතාර්ථයක් කර ගැනීමෙන් රටේ දරුවන්ට සුන්දර අනාගතයක් උරුම කර දිය හැකි බවත් එහිදී ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.