Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – 18 හැවිරිදි තරුණයෙකු ඇතුළු 4ක් මරුට

    By LFNAugust 23, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකුට දිවි අහිමිවී ඇතැයි පොලීසිය පවසයි.

    ඊයේ (22) දිනය තුළ මෙම මාරක රිය අනතුරු සිදුව තිබුණේ, මහියංගනය, පැල්මඩුල්ල, දෙහිඕවිට හා කටුගස්තොට යන ප්‍රදේශවලය.

    ඊයේ අලුයම් මහනුවර – කටුගස්තොට මාර්ගයේ සියඹලාතැන්න හන්දිය ආසන්නයේදී මහනුවර දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 18ක් වූ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර, කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ තැඹිලියාන ප්‍රදේශයේදී කොළඹ දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක බැටරි කාමරයේ දොර විවෘත වී මාර්ගයේ රැඳී සිටි 59 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

    මේ අතර, කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පාතකඩ හන්දිය ප්‍රදේශයේදී රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ ගවයෙකුගේ ගැටී පෙරළිමෙන් පසු ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ද ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 63ක් වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර, ඊයේ සවස් කාලයේ මහියංගනය පොලිස් වසමේ මහියංගනය පදියතලාව මාර්ගයේ ගොනගල හන්දිය අසලදී පදියතලාව දෙසට ධාවනය වූ කැබ් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 37ක් වූ මාපාකඩවැව, මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරින් කැබ් රථයේ රියදුරුද තුවාල ලබා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202605 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.