මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක බැටරි කාමරයේ දොර විවෘත වී මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුගේ ශරීරයේ ගැටී අනතුරක් සිදුවී තිබේ.
අදාළ බස් රථය කොළඹ දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ බස් රථයක් බවත් කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ තැඹිලියාන ප්‍රදේශයේදී ඊයේ (22) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති බවත් පොලීසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වූ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සිදු කළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව දෙහිඕවිට පොලීසිය වැඩිදුර පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.