Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි
    Featured

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    By LFNAugust 21, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 ජූනි 30 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2025 ජූලි 01 දිනැතිව ගනු ලැබු අංක 25/1145/801/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පිහිටුවන ලදී.

    ඒ අනුව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සේව්‍ය, සේවකයින්, මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට කමිටුව අපේක්ෂා කරන අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්, ආයතන 2025 සැප්තැම්බර් 05 දිනට පෙර psicairport@gmail.com ඊමේල් (Email) ලිපිනයට හෝ 070-3307700 Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව දන්වා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202606 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.