Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති තැපෑල ගැන කතා කරයි
    Featured

    ජනපති තැපෑල ගැන කතා කරයි

    By LFNAugust 20, 2025No Comments3 Mins Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තැපැල් සේවාව වර්තමානයට ගැලපෙන අන්දමින් යාවත්කාලීන කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    කුරියර් සේවා වැනි සේවා සඳහා යොමු වෙමින් තැපැල් සේවාව නව මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

    ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු 4ක ආයතන 41ක් වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී සලකා බැලිණි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විමසා බැලුනු අතර දැනට පුද්ගලයන් 30,000කට එකක් වශයෙන් ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පුද්ගලයන් 10,000කට එකක් වන අයුරින් සංවර්ධනය කිරිමට සැලසුම් කර තිබෙන බව මෙහිදී අනාවරණය විය.

    වත්මන් තාක්ෂණික සහ සමාජයීය තත්ත්වයන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සංවිධානාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදි සාකච්ඡා විය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.

    දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් වන උපකරණ මිලදී ගැනීමේදී, ආයුර්වේද ක්ෂේත්‍රයද ඇතුළත්වන පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධ වල ගුණාත්මක භාවය සහතික කිරීමට අදාළ පහසුකම් වැඩි දියුණු කිරීමේ සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

    ජාතික රුධිර පාරවිලන සේවය ආදී සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට උපරිමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    නවීන තාක්ෂණය සහ ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව සෞඛ්‍ය සේවයේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණි.

    විදේශ ආධාර සහ ප්‍රදාන යටතේ හිමි වන ප්‍රතිපාදන නිසි අයුරින් භාවිත කරමින් ඒවායේ අපේක්ෂිත ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී පළාත් සභා මට්ටමින් මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටද යෝජනා විය.

    තවද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සිදු කරන ප්‍රදානයන්හි විශ්වාසනීයත්වය තහවුරු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඒ අනුව ප්‍රදානයන් ලබා දෙන පුද්ගලයන් සහ ලබා ගන්නා අයට එහි විශ්වාසනීයත්වය තහවුරු වන අන්දමේ ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමටද යෝජනා විය.

    දැනට දිවයිනේ ස්ථාන 272ක ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් ස්ථාන 400ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සමාජ ආකල්ප වර්ධනය සඳහා මැදිහත්වීම රාජ්‍ය මාධ්‍යයේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. එබැවින් රාජ්‍ය මාධ්‍ය සමාජ ආකල්ප පරිවර්තනයට දායක කර ගැනීමට අදාළ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව සඳහන් කළේය.

    මීට පෙර මතුව තිබු ගැටලුව වන්නේ අවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් අයවැය ප්‍රතිපාදන නොලැබීම බව කී ජනාධිපතිවරයා එම තත්ත්වය වෙනස් කරමින් පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් කළේය.

    එම සියලු ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ නියමිත ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවමින් ජනතාවට එහි උපරිම ප්‍රතිලාභ අත්කර දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරු සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202606 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.