Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මනූෂ FCIDයට

    August 20, 2025

    හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

    August 20, 2025

    සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි

    August 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෑලියගොඩ පුද්ගල ඝාතනය ගැන තවත් තොරතුරු
    Featured

    පෑලියගොඩ පුද්ගල ඝාතනය ගැන තවත් තොරතුරු

    By LFNAugust 20, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ සේවකයෙකු පෑලියගොඩදී ඊයේ (19) වෙඩි තබා ඝාතනය කර තිබුණි.

    වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ තැනැත්තා පමණක් නොව මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබීය.

    පෑලියගොඩ, ඥාණරතන මාවත ප්‍රදේශයේදී ඊයේ උදෑසන 9:30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

    වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා අද දහවල් ජීවිතක්ෂයට පත් විය.

    අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි.

    වෙඩි තැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා අයියප්පන් ප්‍රභූ නම් 40 හැවිරිදි අයෙකි.

    ඔහු පෑලියගොඩ මාළු වෙළඳසැලේ සේවය අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණි.

    ඝාතනය වූ පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වැල්ලේ සාරංග නම් අපරාධකරුගෙන් එල්ල වූ මරණ තර්ජන හමුවේ ඔහු පෑලියගොඩට පැමිණ සිට ඇති බව පොලීසිය පැවසීය.

    මොහු ඝාතනය කරන බවට වැල්ලේ සාරංග මරණ තර්ජන කර ඇත්තේ, සාරංගගේ සහෝදරයා ඝාතනය කිරීමට මෙම පුද්ගලයා උත්සාහ කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමග බව පොලිසිය පවසයි.

    ඝාතනය වූ තැනැත්තා පූකුඩුකන්නා නම් අපරාධකරුගේ සමීපතමයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

    පලනි රිමෝෂන් හා කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරුවන් ද මෙම ඝාතනයට සහාය දී ඇතැයි පොලීසිය සැක පළ කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මනූෂ FCIDයට

    August 20, 2025

    හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

    August 20, 2025

    සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි

    August 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,267 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    මනූෂ FCIDයට

    August 20, 20250119 Views

    හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට…

    හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

    August 20, 2025

    සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි

    August 20, 2025

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් සඳහා තායිලන්ත කැබිනට් අනුමැතිය

    August 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.