Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් එළිදැක්වීමට සූදානම් වෙයි
    Featured

    ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් එළිදැක්වීමට සූදානම් වෙයි

    By LFNAugust 20, 2025No Comments3 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.

    සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු 04ක ආයතන 41ක් වෙනුවෙන් වෙන් කෙරුණු ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද විමසා බැලීය.

    දැනට පුද්ගලයන් 30,000කට 01ක් වශයෙන් ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පුද්ගලයන් 10,000කට 01ක් වන අයුරින් සංවර්ධනය කිරිමට සැලසුම් කර තිබෙන බව මෙහිදී අනාවරණය කෙරිණි.

    වත්මන් තාක්ෂණික සහ සමාජයීය තත්ත්වයන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සංවිධානාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජනය කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සැපයීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණි.

    දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් වන උපකරණ මිලදී ගැනීමේදී, ආයුර්වේද ක්ෂේත්‍රයද ඇතුළත්වන පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම පිළිබඳවත්, ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමට අදාළ පහසුකම් වැඩි දියුණු කිරීමේ සැලසුම් පිළිබඳවත් සාකච්ඡා කෙරුණි.

    ජාතික රුධිර පාරවිලන සේවය ආදී සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට උපරිමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    නවීන තාක්ෂණය සහ ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව සෞඛ්‍ය සේවයේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණි.

    විදේශ ආධාර සහ ප්‍රදාන යටතේ හිමි වන ප්‍රතිපාදන නිසි අයුරින් භාවිත කරමින් ඒවායේ අපේක්ෂිත ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එහිදී පළාත් සභා මට්ටමින් මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටද යෝජනා විය.

    තවද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සිදු කරන ප්‍රදානයන්හි විශ්වාසනීයත්වය තහවුරු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඒ අනුව ප්‍රදානයන් ලබා දෙන පුද්ගලයන් සහ ලබාගන්නා අයට එහි විශ්වාසනීයත්වය තහවුරු වන අන්දමේ ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමටද යෝජනා විය.

    දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් එය 272 සිට 400 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සමාජ ආකල්ප වර්ධනය සඳහා මැදිහත්වීම රාජ්‍ය මාධ්‍යයේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. එබැවින් රාජ්‍ය මාධ්‍ය සමාජ ආකල්ප පරිවර්තනයට දායක කරගැනීමට අදාළ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව සඳහන් කළේය.

    තැපැල් සේවාව වර්තමානයට ගැළපෙන අන්දමින් යාවත්කාලීන කිරීම පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර කුරියර් සේවා වැනි සේවාවන් නවීන තාක්ෂණයට අනුව පරිවර්තනයන්ට ලක් කරමින් තැපැල් සේවාව නව මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

    මීට පෙර මතුව තිබු ගැටලුව වන්නේ අවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් අයවැය ප්‍රතිපාදන නොලැබීම බවත්, එම තත්ත්වය වෙනස් කරමින් පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිතිවරයා එම සියලු ප්‍රතිපාදන අදාළ මූල්‍ය වර්ෂය තුළ නියමිත ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවමින් ජනතාවට එහි උපරිම ප්‍රතිලාභ අත්කර දීමේ වැදගත්කමද අවධාරණය කළේය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202601 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.