Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පහේ කඩඉම පසුකරන ශිෂ්‍යත්ව විභාගය අද
    Featured

    පහේ කඩඉම පසුකරන ශිෂ්‍යත්ව විභාගය අද

    By LFNAugust 10, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ.

    ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත.

    ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ (09) දිනයේදී සිදු කෙරිණි.

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිතය.

    ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දීමට නියමිත අතර එය 10.45 වන විට අවසන් වීමටද නියමිතව ඇත.

    ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයක් හිමිවන අතර ඉන් අනතුරුව පළමු ප්‍රශ්න පත්‍රය 11.15ට ආරම්භ වේ.

    එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පැයක කාලයක් ලබා දෙන අතර ඒ අනුව 12:15ට එම ප්‍රශ්න පත්‍රය අවසන් වීමටද නියමිතය.

    ඒ අනුව 09 : 30ට ආරම්භ වන විභාගය පස්වරු 12:15ට අවසන් වීමටද නියමිතය.

    මේ අතර ඊයේ ඊයේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ අද දිනයේදී ආරම්භ වන ශිෂ්‍යත්ව විභාගය අතරතුර යම් කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුවත් කළ හැකි බවත් ඒ වෙනුවෙන් වූ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බවය.

    එමෙන්ම උදෑසන 09:30ට ආරම්භ වීමට ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ශාලාව වෙත උදෑසන 08:30 වන විට සිය දරුවා රැගෙන එන ලෙසද ඇය දෙමාපියන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය,

    “පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ වෙන්නේ. නමුත් සියලුම දරුවන් තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පෙරවරු 8:30 වෙනවිට යන්න ඕනේ. පෙරවරු 9.00 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුයි.

    විශේෂයෙන්ම දරුවන් ලියන්න අවශ්‍ය පෑන්, පැන්සල්, මකන කෑල්ලක්, අඩිරූලක් අරගෙන යන්න පුළුවන්. ඒවා රැගෙන යන්න පුළුවන් විනිවිද පේන පර්ස් එකක තමයි දාගෙන යන්න ඕනේ.

    ඒ වගේම කටුවැඩ සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් අපි විශේෂ කඩදාසියක් ලබා දෙනවා. ඒ නිසා කටුවැඩ සඳහා හෝ කිසිදු වැඩකට අනවශ්‍ය කඩදාසි, ෆයිල් කවර රැගෙන එන්න එපා

    දෙමාපියන්ට විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුළු වෙන්න බැහැ. දෙමව්පියන්ගෙන් මම ආදරයෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට ඉතාමත් මනස සන්සුන්ව, පීඩනයකින් තොරව හොඳින් ප්‍රශ්න පත්‍රය අවධානයෙන් කියවලා පිළිතුරු සපයන්න පුළුවන් වාතාවරණයක් සකසා දෙන්න කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.