Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ සඳහා යොමු නොවූ තරුණ පිරිස් අපරාධවලට නැඹුරු වීමේ ප්‍රවණතාවයක්
    Featured

    අපරාධ සඳහා යොමු නොවූ තරුණ පිරිස් අපරාධවලට නැඹුරු වීමේ ප්‍රවණතාවයක්

    By LFNAugust 8, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙතෙක් අපරාධ සදහා යොමු නොවූ තරුණ පිරිස් එවැනි ක්‍රියා සදහා යොමු වීමේ ප්‍රවණතාවක් වර්තමානයේ නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යය, අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා පවසයි.

    පසුගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලදී මේ පිලිබදව අනාරණයවී ඇති අතර මසකට තරුණයින් 40දෙනෙකු පමණ අළුතින්ම අපරාධ සදහා යොමුවන බව ධම්මික බණ්ඩාර මහතා පැවසීය.

    එමෙන්ම රට තුළ සිදුවන අපරාධ පිළිබදව ජාත්‍යන්තරය සමඟ සැසදීමේදී එය යම් මට්ටමක ඉහළ යාමක් පෙන්නුම් කරන බවද අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    “මෙම මාස කිහිපය ඇතුළතදී අලුතින් අපරාධකරුවන් වීමේ ප්‍රවනතාවයක් 40-50ත් අතර ප්‍රමාණයක් අපට වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙන ප්‍රමාණය අලුතින්ම අපරාධ සඳහා යොමුවුණ තරුණ පරපුර වෙනවා. මේ අයගේ සියලු අධ්‍යනයන් සිදුකරලා බැලුවට පස්සේ මේ අය පළමු පෙළ අපරාධකරුවන් විදිහට බන්ධනාගාරගත වෙනවා. මේක රටකට එතරම් සුබදායක දෙයක් නෙමෙයි. අපේ සමාජයේ සංවර්ධන කාර්යයට නිරපරාදීව සමාජයෙන් නෙරපා හැරීම, බන්ධනාගාරගත කිරීම, පුනරුප්ථාපනය කිරීම කියන ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ ඔහු සමාජයේ එක ක්ෂේත්‍රයක් තුළ නාමකරණය පුද්ගලයෙකු වීමයි. අපරාධ වර්ධනය වෙනවා කියන්නේ ජාත්‍යන්තර වශයෙන් රටකට විශාල අවාසිදායක තත්ත්වයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැඩි අස්ථාවර තත්ත්වයක සිට ක්‍රමක් ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින තත්ත්වයක් තුළ අපරාධ සිදුවීම දරුණු ඛේදවාචකයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.