Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    Featured

    අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    By LFNAugust 8, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

    ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඔල් පෙරහැර පසුගිය මස 30 වෙනිදා ආරම්භ වු අතර පුරා දින 9ක් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව 10 වන දිනය වන අද දින පස්වරුවේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවසුවේය.

    මේ අතර, හෙට (09) දහවල් පෙරහැර සවස 2.16ට අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයෙන් ශ්‍රී දන්තධාතු මන්දිරයෙන් පිටත්ව, සතර මහා දේවාල පෙරහැර ද කැටුව, ඩී.එස්. සේනානායක වීථිය හා පන්සල පාරේ ගමන්කර, දේව වීථියෙන් රජ වීථියට හැරී සිරිත් ප්‍රකාරව, ශ්‍රී දළදා මාළිගා චතුරශ්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිණා කොට, සවස 4.42ට උතුරු දිශාභිමුඛව පෙරහැර ගෙවැදීමට නියමිතය.

    මේ අතර මහනුවර ඇසළ මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් අද දිනයේද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇතිබව දුම්රිය සාමානය්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනුව මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මඟපෙන්වීම හා රථ වාහන ගාල්කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් මේ යටතේ දියත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.