Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වලස්කටා අත්අඩංගුවට
    Featured

    පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වලස්කටා අත්අඩංගුවට

    By LFNAugust 7, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ නමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන ‘පස් දේවා’ (ගම්පහ දේවා) නම් පුද්ගලයාගෙන් හෙළිකරත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    ‘වලස් කටා’ සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    ඔහු ද ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්ය.

    සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී කොමන්ඩෝ සලින්ත හා කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පවත්වා ඇති බවට අනාවරණ වූ බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

    වලස් කටා හා කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන සංවාදයක හඬපටයක් ද සොයාගැනීමට පොලීසියට හැකිවී ඇත.

    එමෙන්ම ගම්පහ ඔස්මන් නැමැත්තාවද ඝාතනය කිරීමට සූදානම් වූ බවට සැකකෙරෙන හඬපටයක් ද පොලීසිය සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගෙන තිබේ.

    මේ අතර රඳවාගෙන ප්‍රශ්නකරන පස්දේවා සතුව තිබූ කුඩා ප්‍රමාණයේ පොතක් පරීක්ෂා කිරීමේදී තවත් වැදගත් තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

    එහි සඳහන්ව ඇත්තේ, දඬුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක් හා තවත් පුද්ගලයෙකු පිළිබඳවය.

    ඔවුන් තිදෙනා පද්මේගේ සමීපතමයෙක්ට වෙඩිතැබීමේ සිද්ධියට හීනටියන සංඛගේ උපදෙස් මත යතුරුපැදිය ලබාදී ඇති බව අනාවරණ වී තිබේ.

    අදාළ තිදෙනා පිළිබඳ තොරතුරු පද්මේට ලබාදී ඔවුන්ව ඝාතනය කිරීමට සූදානමක් තිබූ බවටද විමර්ශන නිලධාරීන් සැකපළකරයි.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔළුගල මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විසින් සිදුකෙරේ.

    මේ අතර කෙහෙල්බද්දර පද්මේගෙන් බව කියමින් තර්ජන එල්ල වූ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබේ.

    කෙහෙල්බද්දර පද්මේ බව පවසමින් ලින්ටන් ද සිල්වා මහතාට පසුගියදා දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ලවී තිබුණි.

    මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය (5) දැනුම්දුන්නා.

    එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය.

    පොලිසිය සඳහන් කළේ මේ වනවිට විදේශගතව සැඟව සිටින අපරාධකරුවකු වන අමින්ද රෝෂාන් ජයසේකර හෙවත් ‘දරුන්’ සහ සලින්ද මදුශාන් පෙරේරා හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්ව මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී ඇතැයි කරුණු අනාවරණය වූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.