Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි
    Featured

    කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි

    By LFNAugust 6, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය ඊයේ (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුනි.

    එහිදී පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුගේ දුරකථන විස්තර වාර්තා කැඳවන ලෙස නියම කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

    එම පොලිස් නිලධාරීන් විසින් මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මේ වන විට
    විදේශගතව සිටින පතාල කල්ලි සාමාජිකයකු බව කියන අමින්ද රෝෂාන් ජයසේකර හෙවත් ‘දරුන්’ සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිට මේ වනවිට විදේශගතවී සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සලින්ද මදුශාන් පෙරේරා හෙවත් ‘කමාන්ඩෝ සලින්ද’ යන අය එක්වී මෙම තර්ජනාත්මක ඇමතුම ලබාදී තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

    අදාළ තර්ජනාත්මක ඇමතුම අගෝස්තු මස 03 වනදා රාත්‍රි 8:33 ලැබී ඇති බව සඳහන් කළ පොලිසිය ඒ තුළින් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර තිබෙන බවත් පැවසීය.

    වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට අයත් හෝටලයක මත්ද්‍රව්‍ය ග්‍රැම් 440යි මිලිග්‍රෑම් 845ක් හා ජීවඋණ්ඩ 9ක් සන්තකයේ තබාගෙන සිටියදී දිසානායක නමැති සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම තර්ජනාත්මක ඇමතුම ලැබී තිබෙන බවත් සඳහන් කර සිටියේය.

    මෙම දුරකථන ඇමතුම පටිගත කර තිබෙන බවත් ඊට අදාළ සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එහි අන්තර්ගත දත්ත පිළිබඳව වාර්තා කැඳවීමට කටයුතු කරන බවත් පොලිසිය පැවසීය.

    ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරන ලෙස පොලීසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.