Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ගැන ප්‍රශ්නයෙන් කැබිනෙට්ටුවත් කැලඹෙයි
    Featured

    මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ගැන ප්‍රශ්නයෙන් කැබිනෙට්ටුවත් කැලඹෙයි

    By LFNAugust 5, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල ජාතිකයින්ට ෆී විසා ලබාදීම පිටුපස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගෙන් රජයට බලපෑම් එල්ල වූ බවට මේ දිනවල පුවතක් වාර්තා වුණි.

    ඒ සම්බන්ධයෙන් අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් අදාළ රටවල් ලැයිස්තුව සකස් කරනු ලැබුවේ, සංචාරක පැමිණීම සහ ඔවුන් මෙරටට ගෙන එනු ලබන ඩොලර් ආදායම අනුව බවය.

    “කිසිම රටක් ගැන වෙන කෝණයකින් බලලා නෑ. ඔබ දැක්කොත් මේ අතර විවිධ රටවල් තියෙනවා. මේ රටවල් තෝරාගැනීමේ පදනම වුණේ අපිට ලැබෙන ඩොලර් ආදායමත් එන සංචාරකයින් ප්‍රමාණයත්. බොහොම පැහැදිලියි ඒ ලැයිස්තුවේ රටවල් සම්බන්ධයෙන්.”

    මේ අතර ඊශ්‍රායලයෙන් පැමිණෙන ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කාලවකවාණුවේ දී තීරණ ගෙන තිබූ බවත්, පසුගිය වසරේ මැයි මාසයෙන් පසුව ඊශ්‍රායල ගුවන්යානා මෙරටට නොපැමිණි බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ඇතැම් විට මේ වසරේ අග දී යළි ඊශ්‍රායල ගුවන්යානා මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් පැවසීය.

    මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂාව ලබාදෙන්නේ හුදෙක් ඔවුන් සංචාරකයින් වීම නිසාවෙන් පමණක් බව ද පැවසු අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි ද කියා සිටියේය.

    “ඒ අය එකතු වෙන තැන් තියෙනවා නම් පොදු සංචාරකයින් ලෙස සලකා ඒ ආරක්ෂාව ලබාදෙන එක පමණයි රජය සිදුකරන්නේ. එය විශේෂ ආරක්ෂාවක් නෙමෙයි ඕනෑම තැනක එකතු වෙනවා නම් සංචාරකයා තනි තනිව සිටියත් කණ්ඩායම් වශයෙන් සිටියත් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු නිසා. වෙන ප්‍රශ්නයක් මෙතෙන නෑ. ඊශ්‍රායලය ඇතුළු රටවලින් දැන් සංචාරකයින් එන එක වැඩිවෙලා තියෙනවා. ඒ අයගේ රට කියන එක නොසලකා ලංකාවට පැමිණෙන සියලු විදේශිකයින්ගේ ආරක්ෂාව ලබාදීම අපි ප්‍රමුඛ කරගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 202505 Views

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට…

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.