Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ගැන ප්‍රශ්නයෙන් කැබිනෙට්ටුවත් කැලඹෙයි
    Featured

    මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ගැන ප්‍රශ්නයෙන් කැබිනෙට්ටුවත් කැලඹෙයි

    By LFNAugust 5, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල ජාතිකයින්ට ෆී විසා ලබාදීම පිටුපස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පුටුවල සිටින පුද්ගලයින්ගෙන් රජයට බලපෑම් එල්ල වූ බවට මේ දිනවල පුවතක් වාර්තා වුණි.

    ඒ සම්බන්ධයෙන් අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදිහත් වීමෙන් අදාළ රටවල් ලැයිස්තුව සකස් කරනු ලැබුවේ, සංචාරක පැමිණීම සහ ඔවුන් මෙරටට ගෙන එනු ලබන ඩොලර් ආදායම අනුව බවය.

    “කිසිම රටක් ගැන වෙන කෝණයකින් බලලා නෑ. ඔබ දැක්කොත් මේ අතර විවිධ රටවල් තියෙනවා. මේ රටවල් තෝරාගැනීමේ පදනම වුණේ අපිට ලැබෙන ඩොලර් ආදායමත් එන සංචාරකයින් ප්‍රමාණයත්. බොහොම පැහැදිලියි ඒ ලැයිස්තුවේ රටවල් සම්බන්ධයෙන්.”

    මේ අතර ඊශ්‍රායලයෙන් පැමිණෙන ගුවන්යානාවලට ආරක්ෂාව සැපයීමට හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කාලවකවාණුවේ දී තීරණ ගෙන තිබූ බවත්, පසුගිය වසරේ මැයි මාසයෙන් පසුව ඊශ්‍රායල ගුවන්යානා මෙරටට නොපැමිණි බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ඇතැම් විට මේ වසරේ අග දී යළි ඊශ්‍රායල ගුවන්යානා මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් පැවසීය.

    මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ආරක්ෂාව ලබාදෙන්නේ හුදෙක් ඔවුන් සංචාරකයින් වීම නිසාවෙන් පමණක් බව ද පැවසු අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි ද කියා සිටියේය.

    “ඒ අය එකතු වෙන තැන් තියෙනවා නම් පොදු සංචාරකයින් ලෙස සලකා ඒ ආරක්ෂාව ලබාදෙන එක පමණයි රජය සිදුකරන්නේ. එය විශේෂ ආරක්ෂාවක් නෙමෙයි ඕනෑම තැනක එකතු වෙනවා නම් සංචාරකයා තනි තනිව සිටියත් කණ්ඩායම් වශයෙන් සිටියත් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු නිසා. වෙන ප්‍රශ්නයක් මෙතෙන නෑ. ඊශ්‍රායලය ඇතුළු රටවලින් දැන් සංචාරකයින් එන එක වැඩිවෙලා තියෙනවා. ඒ අයගේ රට කියන එක නොසලකා ලංකාවට පැමිණෙන සියලු විදේශිකයින්ගේ ආරක්ෂාව ලබාදීම අපි ප්‍රමුඛ කරගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.