Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 10කට පසු ජාතික ධීවර යාත්‍රා සංගණනය අද ඇරඹෙයි
    Featured

    වසර 10කට පසු ජාතික ධීවර යාත්‍රා සංගණනය අද ඇරඹෙයි

    By LFNAugust 4, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) ආරම්භ වීමට නියමිතය.

    එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේය.

    වසර 10කට පමණ පසු, මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ධීවර යාත්‍රා සංගණනය පවත්වන බව සඳහන්ය.

    මෙරට වෙරළ තීරයේ පවතින 50,000ක් පමණ වන ධීවර යාත්‍රා පිළිබඳව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණක් බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    එහිදී සක්‍රීය ධීවර යාත්‍රා හඳුනාගැනීම, භාවිතයේ නොයෙදෙන සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායකවීම සහ ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම මෙම ධීවර යාත්‍රා සංගණනයේ දී සිදුකිරීමට නියමිතය.

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෑම ධීවර තොටුපළකටම පැමිණ, යාත්‍රා පරීක්ෂා කර විශේෂ ස්ටිකරයක් ඇලවීම ද මෙම සංගණනය කාලයේ දී සිදුකරනු ඇත.

    සංගණනයෙන් රැස්කරගන්නා තොරතුරු මත ලබන වසරේ සිට, ධීවර යාත්‍රා මෙහෙයුම් බලපත්‍ර සහ අනෙකුත් සියලුම සහන සේවා කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

    මෙමඟින් රටේ ධීවර යාත්‍රා පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල මෙහෙයුම් බලපත්‍ර අලුත් නොකිරීමටද තීරණය කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු

    August 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 20250122 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම…

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු

    August 21, 2025

    එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.