Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගල්කිස්සේ ගැටුමකින් එක් අයෙකු මරුට
    Featured

    ගල්කිස්සේ ගැටුමකින් එක් අයෙකු මරුට

    By LFNAugust 2, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.

    ඊයේ (01) සවස් කාලයේදී මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර තිබුණි.

    ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු බවත් ය.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ප්‍රදේශයෙන් පලාගොස් සිටින එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 2025

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    21 දා ජන රැලියට ජාතික නිදහස් පෙරමුණත් නෑ

    November 8, 20250121 Views

    නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම…

    ඉන්දු – ශ්‍රී ලංකා මිතුදම ගැන සජිත්ගේ ස්ථාවරය

    November 8, 2025

    කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

    November 8, 2025

    හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

    November 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.