Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර
    Featured

    ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර

    By LFNAugust 1, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමදාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබා දුන්නේය.

    මෙම සිද්ධියෙන් අගතියට පාර්ශවය විසින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

    එම පෙත්සම ඊයේ සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබිණි.

    මෙම පෙත්සම ඉදිරිපත් කළ අගතියට පත් පාර්ශවය සඳහන් කර සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය.

    ඒ අනුව එම තීන්දුව බල රහිතකර විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය මගින් පනවන ලද මරණීය දණ්ඩනය යළි නියම කරන ලෙසත් එම අභියාචනාවලින් ඉල්ලා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.