යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනී
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත 2025 ජුලි මස 31 වන දින අළුයම, නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 108ක ප්‍රමාණයක් ( පාර්සල් 54), අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරි පරීක්ෂණ කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබයි