Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද
    Featured

    දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

    By LFNJuly 30, 2025No Comments2 Mins Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය අද (30) ආරම්භ වෙයි.

    ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රි 7.05ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතය.

    පෙරහැර මංගල්‍යයට කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම යන සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැති අතර එහි 5 වැනි පෙරහැර එනම් අවසන් අභ්‍යන්තර පෙරහැර ඊයේ රාත්‍රී විථී සංචාරය කළේය.

    අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

    ඒ වෙනුවෙන් මේවනවිටත් සියලුම කටයුතු සංවිධානය කර අවසන්ය.

    පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නගරයේ වීථිවල දූමායන කටයුතු ද අද පෙරවරුවේ සිදුකෙරුණි.

    පෙරහැර නැරඹීම සඳහා මේ වන විට බොහෝ පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටී.

    විශේෂත්වය වන්නේ, වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා අද අලුයම සිටම දුර බැහැර ජනතාව පැමිණ සිටීමයි.

    එළෙස පැමිණි ජනතාව පවසන්නේ පෙරහැර නැරඹීමට ඇති පදික වේදිකාවේ පවා ඇතැම් පිරිස් මුදලට අසුන් වෙන්කර අලෙවි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවය.

    දළදා පෙරහැර සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

    අද රාත්‍රි 7.05ට වීථි සංචාරය කෙරෙන පළමු කුඹල් පෙරහර, ශ්‍රී දළදා වීදිය හා ඩී.එස්. සේනානායක වීදියෙන් පන්සල පාරට පිවිස දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදියේ ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

    ඇසළ පෙරහර මංගල්‍යෙය් කුඹුර පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වැනිදා වීථී සංචාරය කිරීමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 202505 Views

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට…

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.