Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද
    Featured

    දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

    By LFNJuly 30, 2025No Comments2 Mins Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය අද (30) ආරම්භ වෙයි.

    ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රි 7.05ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතය.

    පෙරහැර මංගල්‍යයට කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම යන සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැති අතර එහි 5 වැනි පෙරහැර එනම් අවසන් අභ්‍යන්තර පෙරහැර ඊයේ රාත්‍රී විථී සංචාරය කළේය.

    අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

    ඒ වෙනුවෙන් මේවනවිටත් සියලුම කටයුතු සංවිධානය කර අවසන්ය.

    පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නගරයේ වීථිවල දූමායන කටයුතු ද අද පෙරවරුවේ සිදුකෙරුණි.

    පෙරහැර නැරඹීම සඳහා මේ වන විට බොහෝ පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටී.

    විශේෂත්වය වන්නේ, වෙනත් වසරවලට සාපේක්ෂව මෙවර පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා අද අලුයම සිටම දුර බැහැර ජනතාව පැමිණ සිටීමයි.

    එළෙස පැමිණි ජනතාව පවසන්නේ පෙරහැර නැරඹීමට ඇති පදික වේදිකාවේ පවා ඇතැම් පිරිස් මුදලට අසුන් වෙන්කර අලෙවි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවය.

    දළදා පෙරහැර සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

    අද රාත්‍රි 7.05ට වීථි සංචාරය කෙරෙන පළමු කුඹල් පෙරහර, ශ්‍රී දළදා වීදිය හා ඩී.එස්. සේනානායක වීදියෙන් පන්සල පාරට පිවිස දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදියේ ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

    ඇසළ පෙරහර මංගල්‍යෙය් කුඹුර පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වැනිදා වීථී සංචාරය කිරීමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.