Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යටිනුවර ප්‍රා.ස. මන්ත්‍රී, බිරිඳ සහ දියණියගේ මරණ ගැන තොරතුරු රැසක්
    Featured

    යටිනුවර ප්‍රා.ස. මන්ත්‍රී, බිරිඳ සහ දියණියගේ මරණ ගැන තොරතුරු රැසක්

    By LFNJuly 30, 2025No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මියයෑම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයෙකු සමග සිදුකළ මුල්‍ය ගනුදෙනුවක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවය.

    පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවස තුළ තිබී අද උදෑසන මෙම මළසිරුරු සොයාගෙන තිබිණි.

    මන්ත්‍රීවරයා නිවසේ පිටුපස පිහිටි තාවකාලිකව ඉදිකර ඇති ස්ථානයක ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන සිටි අතර ඔහුගේ බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ ඉහළ සහ පහළ මහලේ කාමර දෙකක් තුළ තිබී පොලීසිය විසින් සොයාගෙන ගත්තේය.
     
    කෙසේවෙතත් බිරිඳ සහ දියණියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැකකරනු ලබන්නේ බිරිඳට සහ දියණියට නින්දයාම සදහා පසුදින රාත්‍රියේ යම් පෙතිවර්ගයක් ලබා දීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා විසින් ඔවුන්ගේ ගෙල සිරකර ඝාතනය කරන්නට ඇති බවය.

    මන්ත්‍රීවරයාගේ බාල දියණිය 12 හැවිරිදි වියේ පසුවන අතර ඇය පෙරදින අධ්‍යාපන චාරිකාවක් ගොස් මධ්‍යම රාත්‍රීය පසුවී නිවසට පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

    එම දැරිය පොලීසියට පවසා ඇත්තේ පියා තමන්ටත් යම් පෙති වර්ගයක් පානය කිරීමට ලබාදුන් බවය.

    අලුයම් කාලයේ තම ගෙල සිරවන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරක් අතැතිව සිටින පියා දැකගැනීමට හැකිවූ බවත් ඒ අවස්ථාවේ පියා තමාව බදාගනිමින් හැඩූ බවත් බාල දියණිය පොලිසිය හමුවේ පවසා තිබේ.

    ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර මදවේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත් , එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැකගන්නට ලැබුණු බවත් දැරිය පවසා ඇත.

    එමෙන්ම සිදු කළ වැඩිදුර විමර්ශන වලදී මියගිය චම්පික නිලන්ත මන්ත්‍රීවරයා විසින් ලියන ලද බව කියන පිටු 4ක ලියුමක්ද මෙහිදී විමර්ශන නිලධාරීන්ට හමුව තිබේ.‍

    උපුටා ගැනීම

    ”විජේසිංහ උඹට ශාප වේවා..මට මරණ තර්ජනය කරලා ගේ විකුණන්න බැරිනම් උඹව මරනවා කියලා හැම වෙලාවේම තර්ජනය කරනවා. දුවගේ ස්කෝලේ ළඟට ඇවිත් දවසක් දුව ළඟ ඉන්නකොට කොලරයෙන් අල්ලා ගෙදර ඇවිල්ලා අත්සන් කරන්න කියනවා.මට අත්සන් කරන්න බෑ කිව්වාම යකඩෙකින් ඔළුවට ගැහුවා. තවමත් නළලට උඩින් ඒ කැළල තියෙනවා.”

    උපුටා ගැනීම අවසන්.

    මරණ සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබුණි.

    අනතුරුව මෘතශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.