Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමිවෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක් ඇතුළු තිදෙනෙකුට දිවි අහිමිවෙයි

    By LFNJuly 30, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

    ඊයේ (29) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, මැදවච්චිය සහ කටාන යන පොලිස් වසම්වලින්ය.

    මාතලේ පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ මණදන්ඩාවෙල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළීගොස් අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු පිටුපස අසුනේ ගමන්ගත් රියදුරුගේ මව හා කුඩා දරුවා තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇත.

    එලෙස මිය ගොස් ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු එකහමාරක කුඩා දරුවෙකි.

    මේ අතර මැදවච්චිය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ වැලිඔය හන්දියේදී ලොරි රථයක රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව යතුරු පැදියක හා තවත් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රැඹෑව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කටාන පොලිස් වසමේ මීගමුව – මීරිගම මාර්ගයේ ලංකාමාතා මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් දකුණට හැරවීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, කටාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.