Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
    Featured

    බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

    By LFNJuly 29, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බීඩි සඳහා දුම්කොළ බද්ද වැඩි කිරීමේ ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමව තිබේ.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද 2025 අප්‍රේල් 02 වන දින සිට බලපැවැත්වෙන පරිදි රු. 2 සිට රු. 3 දක්වා වැඩි කිරීම සඳහා වන 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/16 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කර තිබුණි.

    මේ පිළිබඳ සලකා බලනු ලැබුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

    අදාළ බදු ඉහළ නැංවීම 2025 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත යටතේ, 2 වන වගන්තියට අනුකූලව මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද නියෝගයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙහිදී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ පසුගිය වසරේ බීඩි නිෂ්පාදකයින් සඳහා බලපත්‍ර 1,140ක් නිකුත් කර ඇති නමුත්, බදු ඉහළ නැංවීමේන් අනතුරුව මෙම වසරේ බලපත්‍ර අලුත් කර ඇත්තේ 840ක් පමණක් බවය.

    බීඩි නිෂ්පාදන බදු ආදායමද අපේක්ෂා කළ මට්ටමට වඩා පහත වැටී ඇති අතර, පසුගිය වසරේ අපේක්ෂිත ඉලක්කය රුපියල් බිලියන 2ක් වුවද ලැබී ඇත්තේ රුපියල් මිලියන 1,055ක් පමණක් බවත්, මෙම වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් මිලියන 469ක් පමණක් බවත් මෙහිදී අනාවරණය විය.

    මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම සහ එවැනි ක්‍රියා සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු සඳහා හේතු වී ඇති බවය.

    මෙහිදී කාරක සභා සාමාජිකයින් විමසා සිටියේ බලපත්‍ර අලුත් කිරීම් අඩුවීම සහ බීඩි නිෂ්පාදකයන් නීතිවිරෝධී වෙළෙඳපොළවල් වෙත ආකර්ෂණයවීම බදු බර වැඩිවීමේ ප්‍රතිඵලයක්ද යන්නයි.

    ඉහළ බදු පැනවීමෙන් නීත්‍යානුකූල ව්‍යාපාර නීතිවිරෝධී තත්ත්වයට යොමුවිය හැකි බවට වන ආර්ථික මූලධර්මය හුවා දක්වමින් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ බීඩි බදු අඩු කිරීමෙන් කර්මාන්තය සඳහා නීත්‍යානුකූල නිෂ්පාදකයන්ගේ සහභාගීත්වය වැඩි කළ හැකි අතර එමගින් සමස්ත ආදායම් රැස් කිරීම ඉහළ නැංවිය හැකි බවය.

    ආදායම් ඉලක්ක සපුරා ගැනීමේදී අනාගත බදු ගැලපීම් සඳහා ඒවායේ කාර්යක්ෂමතාව පෙන්නුම් කිරීමට අදාළ විද්‍යාත්මක සාක්ෂි මත තීරණ ගන්නා ලෙස කමිටුව මෙහිදී දැනුම් දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202601 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.