අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි තහවුරු වී තිබේ.
අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇත.
අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන බවත්, ඉතිරි පස්දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ද වෛද්‍යවරයා කියා සිටියේය.
අද උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 6ක සහ මෝටර් රථ 3ක් ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඹකරයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කළේය.
බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.