Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි
    Featured

    කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

    By LFNJuly 27, 2025No Comments2 Mins Read102 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 ජගත් පරිසර දිනය නිමිත්තෙන් “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටහන යටතේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත කිරීමේ වැඩසටහන ඊයේ (26) පාලවිය, කරඹ දී පැවැත්විණි.

    ජගත් පරිසර දිනයට සමාගාමීව සිදු කරන ලද පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලියේ ඉදිරි පියවරක් ලෙස වනස්පති ජාතික වැඩසටහන පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර එම වනස්පති වැඩසටහන යටතේ අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කර ගනිමින් රක්ෂිත 16ක් නම් කෙරිණි.

    ඒ අනුව ලංකාවේ පවතින වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ තවත් පියවරක් ලෙස කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” නමින් නව වැඩසටන ඊයේ දින (26) සිට ආරම්භ විය.

    මේ වැඩසටහන ඔස්සේ ලංකාවේ විවිධ කඩොලාන පවතින ප්‍රදේශ තෝරාගනිමින් කඩොලාන වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කරනු ලබයි.

    ප්‍රථම අදියර යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩෙවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරිණි. එම “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” වැඩසටහන ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පාලවිය, කරබ පරිශ්‍රයේ දී පැවැත්විණ.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වැඩසටහන සූදානම් කර තිබූ අතර වැඩසටහනට සමගාමිව කල්පිටිය ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහභාගී කරගනිමින් කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක්ද පැවැත්විය.

    ලංකාවේ මේ වන විට පවතින සමස්ත කඩොලාන භුමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතව වේ.

    ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවට පර්යේෂණයන්ගෙන් කරුණු අනාවරණය වේ.

    අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය සැමරීම ද ඊයේ (26) දින කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සදහා විසදුම් සෙවීමේ අරමුණෙන් පරිසර අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ආනවිලුන්දාව රැම්සාර් තෙත් බිම් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ.

    ආනවිලුන්දාව රැම්සාර් පරිශ්‍රයේ හායනය වී ඇති කඩොලාන යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමද වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිත වන අතර කඩොලාන කඩිනම් ස්වාභාවික පුනර්ජනනය ව්‍යාපෘතියට සමගාමිව වැඩසටහන් කිහිපයක් ද පැවැත්විණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.