වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ තිබී ජංගම දුරකතන 06ක් සොයා ගෙන තිබේ.
ලද තොරතුරක් මත බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකතන 06ට අමතරව එම උපාංග ද සොයාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුව තුළ තිබී මෙලෙස ජංගම දුරකතන හා උපාංග සොයාගෙන ඇති අතර එම වාට්ටුව තුළ සිටින රැඳවූවන් අතර සිරදඬුවම් නියමවූ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද වන බව සඳහන්ය.
මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එම්.එස් රංජිත් ඇතුළු 100කට අධික රැඳවූවන් පිරිසක් එම බන්ධනාගාර වාට්ටුවේ රැඳී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.