Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහනුවර ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
    Featured

    මහනුවර ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට

    By LFNJuly 27, 2025No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර පොලිස් වසමේ හන්තාන ප්‍රදේශයේ පාසල් ළමුන් රැගෙන ගිය බස් රථයක රියදුරෙකුට පසුගිය 25 වැනි දින පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21,26,27 සහ සැකකාරිය අවුරුදු 38 වයස්වල පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ගිය මෙම පෞද්ගලික බස් රථය ත්‍රිරෝද රථයක ගැටී තිබුණි.

    අනතුර සිදුවීමෙන් පසු බස් රථයේ රියදුරුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් විසින් පහර දෙනු ලැබීය.

    පහර කෑමෙන් තුවාල ලැබූ බස් රථ රියදුරු පසුව රෝහල්ගත කිරීමටද පියවර ගෙන ඇති අතර බස් රථයේ සිටි ගුරුවරුන් සහ දෙමාපියන් රියදුරුට පහර නොදෙන ලෙස දැන්වූද අදාළ පිරිස් විසින් රියදුරුට පහර දී තිබුණි.

    ඒ අනුව එම පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (26) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එහිදී සැකකාරිය ඇප මත මුදා හැර හැරීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    එමෙන්ම අනෙකුත් සැකකරුවන් තිදෙනා හෙට (28) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

    සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මහනුවර පොලීසිය විසින් සිදුකරනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.