Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තා අත්බෑග් කොල්ලකන කෝටිපති පුත්‍රයා හා මිත්‍රයා
    Featured

    කාන්තා අත්බෑග් කොල්ලකන කෝටිපති පුත්‍රයා හා මිත්‍රයා

    By LFNJuly 26, 2025No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු මීට මාස 2කට පමණ ඉහතදී ඔස්ට්‍රේලියාවේ සිට නිවාඩුවට මෙරටට පැමිණි අයෙකු වන අතර, අනෙක් තරුණයා පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකු බව සඳහන්.

    ඔවුන් දෙදෙනා කොල්ලකන ලද ජංගම දුරකථතන අතර, නවීන පන්නයේ ජංගම දුරකථන 5ක්, ස්මාර්ට් ජංගම දුරකථන 15කට ආසන්න‍ ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.

    පොලීසිය සඳහන් කළේ මෙම ජංගම දුරකථනවල වටිනකම රුපියල් ලක්ෂ 25කට ආසන්න බවය.

    තවද කොල්ලකෑම සඳහා යොදාගත් ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක්, මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ පළඳින ආරක්ෂක හිස්වැසුම් දෙකක්, හොරයින් මත්කුඩු මිලිගෑම් 10,900ක්, කාන්තා අත්බෑගයක් සහ කරමත එල්ලාගෙන යන බෑග් දෙකක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

    මෙම සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් වන අතර, ඔවුන් දිනකට මත්කුඩු පැකට් 20ක් පමණ පානය කරන බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

    පිළියන්දල පොලීසිය සිදුකළ විශේෂ පරික්ෂා කිරීමක් අතරතුර දී අහඹු ලෙස මෙම දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.

    ඔවුන් දෙදෙනා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට ගමන්කරමින් සිටියදී, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසිය විසින් නැවතීමට සංඥා කර ඇත.

    එහිදී ඔවුන් නොනවත්වා ධාවනය කර ඇති අතර, ඒ හේතුවෙන් පොලීසිය පසුපස හඹාගොස් මඟ හරස් කර නවතා පරික්ෂාකර තිබේ.

    එහිදී යතුරුපැදියේ ඉදිරිපස සහ පසුපස එකිනෙකට වෙනස් අංක තහඩු දෙකක් සවිකර තිබූ අයුරු නිරීක්ෂණය වී ඇත.

    එමෙන්ම ඔවුන් සන්තකයේ හෙරොයින් මත්කුඩු හමුවීමෙන් අනතුරුව, පොලීසියට රැගෙන දීර්ඝ ප්‍රශ්නකිරීමේදී හෙළවී ඇත්තේ ඔවුන් ඉකුත් මාස දෙකක පමණ කාලයක සිට මෙම සොරකම්වල නිතර වී සිටි බවය.

    බොරලැස්ගමුව, මිරිහාන, බොරැල්ල, අතුරුගිරිය, තලංගම හා පිළියන්දල පොලිස් වසම් වල රැකියා නිමවා නිවෙස් කරා රාත්‍රී කාලයේ යන කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමේ යේදී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

    ඔවුන් කොල්ලකන ලද අත්බෑගවල තිබෙන මුදල් සහ ජංගම දුරකථනන ලබාගෙන, එම බෑග බොල්ගොඩ ගඟට සහ විවිධ කැලෑබද ප්‍රදේශවලට විසිකළ බව පවසා තිබේ.

    කොල්ලකන ලද වටිනා ජංගම දුරකථන දෙකක් ඇතුළු දුරකථන 10කට අධික ප්‍රමාණයක් මොරටුව ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලකට අමතර කොටස් සඳහා විකුණූ බවත්, අනෙක් ජංගම දුරකථනවලින් වටිනා කොටස් පමණක් ගලවා එම ස්ථානයට විකුණා මුදල් කර මත්ද්‍රව්‍ය පානය කළ බවත් පොලීසියේ දී අනාවරණය වී ඇත.

    එලෙස කොල්ලකෑ ජංගම දුරකථනවල වටිනා කොටස් ගැලවූ දුරකථන කිහිපයක් කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ කාමරය තුළ තිබීයදීත්, මොරටුව ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලකට විකුණා තිබියදීත් පොලිසිය මගින් සොයාගෙන තිබේ.

    මෙම සැකකරුවන් වයස අවුරුදු 25 හා 26 වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.