Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගැමි කතුන්ට ඉදිරියේදී පිරිමි හොයන්න අමාරු වෙයි
    Featured

    ගැමි කතුන්ට ඉදිරියේදී පිරිමි හොයන්න අමාරු වෙයි

    By LFNJuly 22, 2025No Comments2 Mins Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය.

    කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

    “මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවීම තුළ කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රම බළකාවට එකතුවෙන ප්‍රවණතාවයක්. මේ අසමතුලිතතාවය එනම් මේ කාන්තාවන් සහ පිරිමින් සමතුලිත නොවුණහොත් එකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රම බළකාවට සහ එහි ඵලදායිතාවයට මේක කොහොමද බලපාන්නේ කියලා බැලිය යුතුයි. පිරිමි අයටම සීමා වුණ රැකියා ගණනාවක් තියෙනවා. ඒ රැකියා කරන්න ප්‍රමාණයවත් පිරිමි ජන ගහණයක් ආවේ නැත්නම් අපි විශාල අර්බුදයකට යන්න පුළුවන්.”

    මේ සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවදානම් යොමුවිය යුතු බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා සඳහන් කළේය.

    “කාන්තාවන්ට ප්‍රමාණවත් පිරිමි පුද්ගලයින් නැතු වුණොත් ඔවුන් එක තැනකදී විවාහ ගිවිස ගද්දි, ඔවුන් අර්බුදයකට යනවා. හේතුව තමා ඉන්දියාව වගේ ලස්සන හා ධනවත් කාන්තාවන්ට හැකියාවක් සහිත පසුබිම් තියෙන කාන්තාවන්ට පිරිමියෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ග්‍රාමීය මට්ටමෙන් දුගී කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙක් හොයන එක අසීරු වෙන්න පුළුවන්. මේක කොහොමද රටට බලපාන්නේ, මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එකට රජය විසඳුමක් ඉක්මනින්ම සෙවිය යුතුයි. මෙය පරම්පරා ගණනාවක් ඉදිරියට බලපෑව ද අද සිටම විසඳුමක් සෙවීම සුදුසුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202603 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.