ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී ඇති බව සඳහන් වේ.
සැකකාර ඉරාන ජාතිකයා පසුගිය (19) රාත්‍රී 8 ට ජපානයේ නරීටා ගුවන්තොටුපොළ බලා පිටත්ව යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර එහිදී ඔහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳ සැක මතුවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවේ දී එය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට අනාවරණය වී තිබේ.
පසුව එම සැකකරුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී ඔහුගේ සැබෑ ඉරාන ගුවන් ගමන් බලපත්‍රය සොයාගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයා මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොළ ඒකකය සඳහන් කළේය.