Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෙම්වතාව බේරාගන්න ගිය සරසවි පෙම්වතිය දියේ ගිලී අතුරුදන්
    Featured

    පෙම්වතාව බේරාගන්න ගිය සරසවි පෙම්වතිය දියේ ගිලී අතුරුදන්

    By LFNJuly 21, 2025No Comments2 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබේ.

    පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස 5ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.

    ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින් ඇවිද පැමිණ ඇති අතර, දියසෙවළ සහිත ස්ථානයකින් තරුණයා ලිස්සා ගොස් ඇත.

    එම අවස්ථාවේ දී පෙම්වතිය ඔහුව බේරාගැනීමට අත දී ඇති අතර, දෙදෙනාම ඇළට වැටී තිබේ.

    පසුව එම ස්ථානයෙන් ගිය මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ වහාම ඇළට පැන තරුණයාව බේරාගෙන ඇති අතර, තරුණිය සොයා ගැනීමට ඔවුන්ට හැකිවී නොමැත.

    තරුණයාව බේරාගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ ‘අද දෙරණ’ට මෙලෙස අදහස් දැක්වීය.

    “අපි දෙන්නා කඩේට ගිහින් එද්දි අංකල් කෙනෙක් කෑ ගහනවා ඇහුණා. අපි බලද්දි ඔළුවක් උඩ එනවා යට එනවා දක්කා. මම හස්බන්ඩ් කිව්වා කවුරු හරි යනවා කියලා. අපි දෙන්නා ත්‍රිවිල් එක නවත්තලා එහෙමම පැන්නා. අපිට පෙනුනේ පිරිමි ළමයා විතරයි. එයා ගොඩ එන්න ගොඩක් උත්සාහ කළා, ඒත් එන්න බැරි වුණා. මෙයා එතකොටම පැන්නා. මාත් වයර් රෝල අරන් පැන්නා. ඉක්මනට කොණ්ඩෙන් ඇදගෙන තමා ගොඩට ගෙනාවේ. එයාගේ ඇස් උඩගිහින් නමුත් සිහිය තිබුණා. මගේ අම්මා තමා එයාව ගොඩට ගෙනාවේ. හස්බ්න්ඩ් පැන්නා එයාට තනියම පනින්න දෙන්න බැරි නිසා වයර් එකත් අරන් මාත් පැන්නා. සමහරු ගිලෙද්දි බදා ගන්නවා. එහෙම වුණානම් මෙයාව බේරගන්න බැරිවෙන නිසා මාත් පැන්නේ. අපේ ගෙදර වයරින් කර කර හිටියේ. දිග රෝලක් අපි ඒකත් අරන් තමා මෙතනින් යන ගමන් හිටියේ. කොහොම හරි ගොඩට ගත්තාට පස්සේ කිව්වා ගෑනු ළමයත් ගියා කියලා. එතකොට අපි ගිහින් බැලුවා ඒත් අපිට බොඩි එක හොයා ගන්න බැරිවුණා.”

    දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියකි.

    ඇය හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇයව විශ්වවිද්‍යාලයෙන් රැගෙන නිවසට ඇරලීමට යන අතරමග ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.

    සිදුවීම සම්බන්ධයෙන් දිවි බේරාගත් තරුණයා මෙලෙස අදහස් දැක්විය.

    “දියසෙවළ තියෙනවා නේ මම ලිස්සලා ගිහින් වැටුණා. එයා අත දැම්මා. එතකොට දෙන්නත් එක්කම ඇළට වැටුණා. මම කසාද බඳින්න ඉන්න කෙනා එයා. එයාව කැම්පස් එකෙන් අරන් හම්බන්තොට ගෙදරට ඇරලවන්න තමා ආවේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.