සීගිරිය ප්‍රදේශයේ ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ කම්කරුවන් රැඳී සිටි වාඩියක ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වාඩියේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වැඩ පාලකවරයෙකු ලෙස සේවය කළ පොල්පිතිගම මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයින් හතර දෙනා කාලයක සිට රජයේ තේක්ක රක්ෂිතයේ ගස් කපා ඉවත් කිරීමේ කොන්ත්‍රාත් කරන අයෙකු ළඟ සේවය කරන කම්කරුවන් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.