Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් දැරිවියන් ගැබ් ගැනීම ශීඝ්‍රයෙන් ඉහළට
    Featured

    පාසල් දැරිවියන් ගැබ් ගැනීම ශීඝ්‍රයෙන් ඉහළට

    By LFNJuly 19, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෑත කාලීනව පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.

    ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ පාසල් දැරිවියන් ගැබ් ගැනීම ඉහළ යාම මෙන්ම පාසල් මව්වරුන් ප්‍රමාණයද ඉහළ යාමක් පෙන්නුම් පෙන්නුම් කරන බවය.

    මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමගද සාකච්ඡා කර නව යොවුන් දැරිවියන් සහ නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්ධව වඩාත් හොඳ පැහැදිළි අවබෝධයක් ලබා දීමට අවධානය යොමු වී ඇතැයිද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය,

    “මෑතකදි ගත්තොත් අපේ පාසල් යන වයසේ දරුවන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් මව්වරුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වයස 18ට අඩු දරුවන් ගැබ් ගැනීම නිසා මේ වින්දිතභාවයට පත්වන දරුවන්ගේ සංකූලතා පවා තිබෙනවා. මේ තත්ත්වයන් එක්ක ඉදිරි සමාජයේදී මව්පිය රැකවරණය අහිමි නොයෙකුත් සංකූලතාවන්ට මුහුණ දෙන ඒ වගේම අත්හල සහ අනාත දරුවන් බිහිවීම වළක්වා ගැනීම සඳහා තමයි අපි රජයක් හැටියට කටයුතු කරන්නේ.

    අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා මේ නව යොවුන් දැරිවියන්ට, නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්දව හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුයි කියන එක.

    මේ ලොකේට දරුවෙකු බිහි කරාට පස්සේ ඒකේ පූර්ණ වගකීම ගැහැණියකට, කාන්තාවකට විතරක් නෙමේ තියන්නේ හැබැයි සමාජයේ අනාත හෝ අත්හල දරුවෙකු හැටියට දාලා යන එකේ පාපය, සාපය හා සමාජ දෝශාරෝපණය සහ වින්දිතභාවට පත්වෙන්නේ ගැහැණියකට, දරුවෙකුට ඒ නිසා ඔබට දෙන්න තියන පළවෙනි උපදේශය තමයි ඔබට සබඳතා පවත්වන්න පුළුවන් නමුත් ඔබට වගකීම් සහගතව පවුල් බැඳියාව තුළ දරුවෙකු බිහිකරන්න නොහැකි නම් ගර්භාෂයට ආවට පස්සේ කළලය නැති කිරීම සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් වෙනවා. ඒ නිසා ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න ඒ හැර මේ දරුවන් අනාත හෝ අත්හලභාවයට පත් කරලා වින්දිත දරුවන් හැටියට සමාජයට අතහැර දමන්න එපා..”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.