Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක්
    Featured

    නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම ගැන විශේෂ අනාවරණයක්

    By LFNJuly 18, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය, පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීතීඥ යානක රණවීර මහතා පවසයි.

    ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන රී බිල්ඩ් ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මේවන විට පිරමීඩ යෝජනා ක්‍රම 22ක් හඳුනාගෙන ඇති බවය.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය, පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීතීඥ යානක රණවීර මහතා,
    ”මෙහි පිරමීඩ යෝජනා ක්‍රම විදිහට විසි දෙකක් හඳුනගෙන තියෙනවා. ඒ වගේම වැඩිදුර විමර්ශන සඳහා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. ඒ අපි හඳුනාගත්තා විතරයි. ඉතා විශාල ප්‍රමාණයක් මේ මොහොතේත් මේ භූමිය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. පනහකට අධිකයි කියලා කිව්වොත් හරි. මූලික විමර්ශන කටයුතු සිද්ධ කරන්න අපිට ලැබිලා තියෙනවා පැමිණිලි 50කට වැඩි ප්‍රමාණයක්.”

    එමෙන්ම මෙම වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු යසිනි රාජපක්ෂ මහත්මිය පැවසුවේ පිරමීඩ ක්‍රමයේදී අවසාන පාරිභෝගිකයෙක් හඳුනාගත නොහැකි බවත් මෙම ක්‍රමයේදී අලෙවියෙන් පසු සේවාවක් නොලැබෙන බවත් ය.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු යසිනි රාජපක්ෂ මහත්මිය,
    ”පිරමීඩ ක්‍රමවලින් පොරොන්දු වන ප්‍රතිලාභය ඇත්තටම යතාර්තවාදී නොවන ප්‍රතිලාභයක්. ඒ කියන්නේ විශ්වාස කරන්න අපිට අමාරුයි. උදාහරණයක් විදියට කියනවා නම් අපි ආයෝජනය කරන මුදල මේ පිරමීඩ ක්‍රමයෙන් කියනවා ඉතාමත් කෙටි කාලයකදී දෙගුණ තෙගුණ ඔබට ලබා දෙනවා කියලා. භාණ්ඩ විකිණීමේ ක්‍රමයකට භාණ්ඩයක් මිලදී අරගෙන මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට පිරමීඩ ක්‍රමයේදී අවසාන පාරිභෝගිකයෙක් හඳුනාගන්න නැහැ. පිරමීඩ ක්‍රමයේදී අලෙවියෙන් පසු සේවාවක් ඇත්තටම ලැබෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.