Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි
    Featured

    ජාතික – ආගමික – සාමාජීය සංවර්ධනය උදෙසා නොපසුබටව කටයුතු කරන බව ජනපති කියයි

    By LFNJuly 18, 2025Updated:July 18, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සමග ඊයේ (17) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදීය.

    මල්වතු-අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාසනික මෙන්ම, ජාතික සහ සාමාජීය වශයෙන් සුවිශේෂී කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ විය.

    ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කරගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත ආදී විවිධ පනත්වලට කාලීන සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සහ භික්ෂු අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලදී.

    වත්මන් අභියෝග හඳුනාගෙන ආගමික හර පද්ධති සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට රජය මුල් වී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම සහ ශාසනික ගැටලු උදෙසා මෙන්ම ශාසනික උන්නතිය උදෙසා රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බුද්ධශාසන කාර්ය සාධක උපදේශක සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    ශාසනික වශයෙන් පවතින විවිධ අභියෝග සහ ගැටලු විසඳීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

    මල්වතු මහාවිහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී නන්දාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය දොරණෑගම ශ්‍රී රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය වෙලගෙදර ශ්‍රී සුමනජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය කැටකුඹුරේ ශ්‍රී ධම්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුද එක්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.