Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
    Featured

    ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්

    By LFNJuly 18, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

    ඒ අනුව එම වර්ෂයේ ක්‍රිකට් තරග පාවාදීම්, තහනම් උත්තේජක භාවිත කිරීම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9ක් බව එම ඒකකය සඳහන් කළේය.

    2024 වර්ෂයේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 27ක් වන අතර ඊට ක්‍රිකට්, එල්ලේ, හොකී, ජූඩෝ, මේසපන්දු, කබඩි සහ බැට්මින්ටන් ඇතුළු තවත් ක්‍රීඩා කිහිපයක්ම අයත් ය.

    ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 2024 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සහ ලේජන්ඩ් කුසලාන තරගාවලියේදී සිදුවු සිදුවීම් සම්බන්ධයෙන් ලැබුණු ඒවා බවද සඳහන් ය.

    මේ අතර, මේ වසරේ ගතවු මාස 6 තුළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3ක් බව පොලීසිය සඳහන් කළේය.

    කෙසේ වෙතත් පසුගිය 2024 වර්ෂයේ පළමු මාස 6ට පමණක් ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 06කි.

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 21 වගන්තිය යටතේ එම පනත යටතේ සිදුකෙරෙන වරදවල් සම්බන්ධව විමර්ශන සිදුකිරීම සඳහා ස්ථාපිත කෙරුණි.

    එමගින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ සඳහන් වරදවල් වළක්වා ගැනීම, ක්‍රීඩා තරග ආවේක්ෂණ රාජකාරි සිදුකිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුම්වත් කිරීම සඳහා දේශන පැවැත්වීම, ක්‍රිඩාවට සම්බන්ධ ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධතා පවත්වාගනිමින් දැනුම හා තොරතුරු ලබාගැනීම හා හුවමාරු කරගැනීම සිදුකරනු ලබයි.

    මීට අමතරව, ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සමග සම්බන්ධවී බුද්ධි තොරතුරු ලබාගැනීම සහ ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධව ස්වාධීන හා අපක්ෂපාතීව විමර්ශනය කිරීම මෙම ඒකකය විසින් සිදුකරයි.

    මේ අතර, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ අධ්‍යක්ෂකවරයෙකු නොමැතිව බව සඳහන්.

    ඒ අනුව ඇතැම් ක්‍රීඩා වැරදිවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව පැවසෙයි.

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ස්වාධීනව ක්‍රියාත්මක වන ඒකකයක් බැවින් ඊට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක් හෝ පත්කිරීමටද හැකියාවක් පනත මගින් ලබාදී නොමැත.

    ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු හෝ ඊට උසස් නිලධාරියෙකු එම තනතුර සඳහා පත්කළ යුතුය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.