ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසිමකදී දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.
දුම්රිය මැදිරි යොදාගනිමින් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ නිර්මාණය කර ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික ජයසුන්දර මහතා අදහස් පළ කළා.