මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ඊයේ (07) කල්මුණේ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි.
2007, 2008 වර්ෂවල නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ගිනි අවි පරිහරණය කිරීම්, වධකාගාර පවත්වාගෙන යාම හා කප්පම් ලබා ගැනීම් යන අපරාධ සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශන සිදු කරන විමර්ශනයට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කනක්කාඩු පාර, අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු පැය 72ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.