Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රසිද්ධ ජාතික පාසලක සා පෙළ සිසුවෙකු තවත් එම වසරේම සිසුවෙකුට පහරදීලා
    Featured

    ප්‍රසිද්ධ ජාතික පාසලක සා පෙළ සිසුවෙකු තවත් එම වසරේම සිසුවෙකුට පහරදීලා

    By LFNJuly 7, 2025No Comments2 Mins Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුවෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

    පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 20 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

    පසුගිය 03 වන දා දහවල් 12.05ට පමණ සිසුන් තිදෙනෙකු සමග පැමිණි 11 ශ්‍රේණියේම සිසුවෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරදීමෙන් අදාළ සිසුවාගේ කනට හානි සිදුව තිබේ.

    කෙසේවෙතත් මෙම පහරදීමෙන් කනට තුවාල සිදුව ඇති සිසුවාගේ දෙමාපියන් දැනුවත් කිරීමට හෝ පාසල විසින් අදාළ සිසුවා රෝහල්ගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.

    මාධ්‍ය කළ විමසීමකදී කොළඹ ජාතික රෝහල සඳහන් කළේ, අදාළ දරුවාව ඊයේ (07) දින ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවය.

    පහරකෑමට ලක්වූ දරුවාගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියේ පැමිණිල්ලක් ද යොමුකර ඇති අතර, ඔවුන් චෝදනා කර සිටින්නේ දරුවාට මෙවැනි බරපතළ පහරදීමක් පාසල් කාලය තුළ සිදුව ඇති පසුබිමක පාසල විසින් නිසි ලෙස දරුවා ප්‍රතිකාර වෙත යොමු කිරීමක් සිදුනොකිරීම වගකීම පැහැර හැරීමක් බවය.

    පහරකෑමට ලක්වූ දරුවා සංගීත විෂයට දක්ෂ දරුවෙකු බවත් ඔහු ඔහුගේ කනට තුවාල සිදුවීම අනාගතයට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන බවත් සඳහන් කර සිටින එම දරුවාගේ මව නීතියෙන් තමාට සාධාරණය ඉල්ලා සිටින බව ද පැවසීය.

    “අපිට වන්දි වැඩක් නෑ. මට ඕනේ නීතිමාර්ගයෙන් කටයුතු කරන්න, තව දරුවෙකුට මගේ පුතාට සිදුවු දෙය නොවෙන්න. මොකද ඔය වගේ වෙලාවක නිකමට පිහියෙන් හරි ඇන්නොත් මොකද වෙන්නේ මගේ පුතාට. ඒ නිසා මට ඕන නීතියෙන් කටයුතු කරන්න. මට සල්ලි වැඩක් නෑ. සාධාරණය තමා ඉටු වෙන්න ඕනේ.”

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදාළ පාසලේ විදුහල්පති තුමිය සඳහන් කළේ, පහරදීම සම්බන්ධයෙන් තමාට වාර්තා වුයේ පසුදා උදෑසන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පාසලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.