Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රසිද්ධ ජාතික පාසලක සා පෙළ සිසුවෙකු තවත් එම වසරේම සිසුවෙකුට පහරදීලා
    Featured

    ප්‍රසිද්ධ ජාතික පාසලක සා පෙළ සිසුවෙකු තවත් එම වසරේම සිසුවෙකුට පහරදීලා

    By LFNJuly 7, 2025No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුවෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

    පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 20 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

    පසුගිය 03 වන දා දහවල් 12.05ට පමණ සිසුන් තිදෙනෙකු සමග පැමිණි 11 ශ්‍රේණියේම සිසුවෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරදීමෙන් අදාළ සිසුවාගේ කනට හානි සිදුව තිබේ.

    කෙසේවෙතත් මෙම පහරදීමෙන් කනට තුවාල සිදුව ඇති සිසුවාගේ දෙමාපියන් දැනුවත් කිරීමට හෝ පාසල විසින් අදාළ සිසුවා රෝහල්ගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.

    මාධ්‍ය කළ විමසීමකදී කොළඹ ජාතික රෝහල සඳහන් කළේ, අදාළ දරුවාව ඊයේ (07) දින ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවය.

    පහරකෑමට ලක්වූ දරුවාගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියේ පැමිණිල්ලක් ද යොමුකර ඇති අතර, ඔවුන් චෝදනා කර සිටින්නේ දරුවාට මෙවැනි බරපතළ පහරදීමක් පාසල් කාලය තුළ සිදුව ඇති පසුබිමක පාසල විසින් නිසි ලෙස දරුවා ප්‍රතිකාර වෙත යොමු කිරීමක් සිදුනොකිරීම වගකීම පැහැර හැරීමක් බවය.

    පහරකෑමට ලක්වූ දරුවා සංගීත විෂයට දක්ෂ දරුවෙකු බවත් ඔහු ඔහුගේ කනට තුවාල සිදුවීම අනාගතයට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන බවත් සඳහන් කර සිටින එම දරුවාගේ මව නීතියෙන් තමාට සාධාරණය ඉල්ලා සිටින බව ද පැවසීය.

    “අපිට වන්දි වැඩක් නෑ. මට ඕනේ නීතිමාර්ගයෙන් කටයුතු කරන්න, තව දරුවෙකුට මගේ පුතාට සිදුවු දෙය නොවෙන්න. මොකද ඔය වගේ වෙලාවක නිකමට පිහියෙන් හරි ඇන්නොත් මොකද වෙන්නේ මගේ පුතාට. ඒ නිසා මට ඕන නීතියෙන් කටයුතු කරන්න. මට සල්ලි වැඩක් නෑ. සාධාරණය තමා ඉටු වෙන්න ඕනේ.”

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදාළ පාසලේ විදුහල්පති තුමිය සඳහන් කළේ, පහරදීම සම්බන්ධයෙන් තමාට වාර්තා වුයේ පසුදා උදෑසන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පාසලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.