Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ
    Featured

    KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

    By LFNJuly 6, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ සහභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළත් වේ.

    මෙම කමිටුව විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා කරුණු 10කින් යුත් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

    එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීම, එම බඳවා ගන්නා සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වීම මෙන්ම ගෙවීමේ පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක් වීම එම නිර්දේශවලට ඇතුළත්ය.

    වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමේ දී ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශීය සිසුන් සහ දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාවය ලබාදෙනු ලබන අතර මෙහි කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් බඳවාගැනීමේ නිර්ණායකයක් වශයෙන් 1.4000ක හෝ ඊට ඉහළ අවම ඉසෙඩ් අගයක් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇත.

    බඳවා ගන්නා සෑම දේශිය සිවිල් වෛද්‍ය සිසුන් කණ්ඩායමකම සියයට 10ක ප්‍රතිශතයක් පූර්ණ ශිෂ්‍යත්ව මත බඳවාගැනීමට කටයුතු කරනු ලබන අතර එම සිසුන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තෝරා ගැනීමට නියමිතය.

    මෙසේ බඳවා ගන්නා සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වීමටත් විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයින්ට ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වීමටත් අවස්ථාව හිමි නොවුනු ඇති බව සඳහන්ය.

    පාඨමාලාවට සහභාගී වන සිවිල් සිසුන් සඳහා විශේෂ නිල ඇදුමක් අනිවාර්ය නොකරන බවත් අනෙකුත් වෛද්‍ය පීඨවල සිසුන් විශ්වවිද්‍යාල දේශන සඳහා සහභාගී වන අයුරින්ම ඔවුන්ට ද දේශන සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබේ.

    මෙම සිසුන්ට සායනික පුහුණුව සඳහා සුදුසු පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් නිශ්චිතව තෝරා වෙන් කිරීමට කටයුතු සිදුකරනු ඇති බව ද එම නිර්දේශවලට ඇතුළත්ය.

    මෙම සිසුන් රජයේ රෝහල්වලට බඳවා ගන්නා බවට වගකීමක් කොතලාවල විශ්වවිද්‍යාලය විසින් භාර නොගන්නා අතර එම බඳවා ගැනීම් පවතින පුරප්පාඩු අනුව පමණක් සිදුකරන බවට එකඟතාවක් සිසුන් ලියාපදිංචි කිරිමේ දී ලබාගැනීමට කටයුතු කරනු ලබයි.

    මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති වෛද්‍ය පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලයන් හි සේවය කළ නිලධාරීන් එම කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්ව වසර 5ක කාලසීමාවක් ගත වු පසුව පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමට කටයුතු කරනු ඇති බවත් සප්ත වාර්ෂික නිවාඩු ලබා ගැනිමේ දී හා සේවයෙන් විශ්‍රාම ගැනිමේ දී මෙම කොන්දේසිය අදාළ නොවන බවත් අදාළ නිර්දේශවල සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202605 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.