Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ
    Featured

    KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

    By LFNJuly 6, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ සහභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළත් වේ.

    මෙම කමිටුව විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා කරුණු 10කින් යුත් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

    එක් වර්ෂයක් සඳහා එක් වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් පමණක් බඳවා ගැනීම, එම බඳවා ගන්නා සමස්ත වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 150කට සීමා වීම මෙන්ම ගෙවීමේ පදනම මත බඳවා ගන්නා දේශීය සිවිල් වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව උපරිම වශයෙන් 100ක් වීම එම නිර්දේශවලට ඇතුළත්ය.

    වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමේ දී ත්‍රිවිධ හමුදා සිසුන්, විදේශීය සිසුන් සහ දේශීය සිසුන් යන අනුපිළිවෙලට ප්‍රමුඛතාවය ලබාදෙනු ලබන අතර මෙහි කළමනාකරණ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි වෛද්‍ය සිසුන් බඳවාගැනීමේ නිර්ණායකයක් වශයෙන් 1.4000ක හෝ ඊට ඉහළ අවම ඉසෙඩ් අගයක් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇත.

    බඳවා ගන්නා සෑම දේශිය සිවිල් වෛද්‍ය සිසුන් කණ්ඩායමකම සියයට 10ක ප්‍රතිශතයක් පූර්ණ ශිෂ්‍යත්ව මත බඳවාගැනීමට කටයුතු කරනු ලබන අතර එම සිසුන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තෝරා ගැනීමට නියමිතය.

    මෙසේ බඳවා ගන්නා සිසුන්ට විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වීමටත් විවෘත විශ්වවිද්‍යාලය හැර අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන අභ්‍යන්තර ශිෂ්‍යයින් වශයෙන් ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයින්ට ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වීමටත් අවස්ථාව හිමි නොවුනු ඇති බව සඳහන්ය.

    පාඨමාලාවට සහභාගී වන සිවිල් සිසුන් සඳහා විශේෂ නිල ඇදුමක් අනිවාර්ය නොකරන බවත් අනෙකුත් වෛද්‍ය පීඨවල සිසුන් විශ්වවිද්‍යාල දේශන සඳහා සහභාගී වන අයුරින්ම ඔවුන්ට ද දේශන සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබේ.

    මෙම සිසුන්ට සායනික පුහුණුව සඳහා සුදුසු පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් නිශ්චිතව තෝරා වෙන් කිරීමට කටයුතු සිදුකරනු ඇති බව ද එම නිර්දේශවලට ඇතුළත්ය.

    මෙම සිසුන් රජයේ රෝහල්වලට බඳවා ගන්නා බවට වගකීමක් කොතලාවල විශ්වවිද්‍යාලය විසින් භාර නොගන්නා අතර එම බඳවා ගැනීම් පවතින පුරප්පාඩු අනුව පමණක් සිදුකරන බවට එකඟතාවක් සිසුන් ලියාපදිංචි කිරිමේ දී ලබාගැනීමට කටයුතු කරනු ලබයි.

    මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති වෛද්‍ය පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලයන් හි සේවය කළ නිලධාරීන් එම කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්ව වසර 5ක කාලසීමාවක් ගත වු පසුව පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමට කටයුතු කරනු ඇති බවත් සප්ත වාර්ෂික නිවාඩු ලබා ගැනිමේ දී හා සේවයෙන් විශ්‍රාම ගැනිමේ දී මෙම කොන්දේසිය අදාළ නොවන බවත් අදාළ නිර්දේශවල සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250133 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.