Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි
    Featured

    ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

    By LFNJuly 5, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා රැසක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට පුද්ගලයෙකුගෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

    අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ප්‍රබල දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු තමාගෙන් රුපියල් 85,000ක් වටිනා සුරතලයට ඇතිකරන සුනඛයෙකු ලබාගෙන මුදල් ලබානොදුන් බවය.

    සුනඛයා වෙනුවෙන් ඉල්ලූ මුදල බැංකු ගිණුමට බැර කළ ලදුපතක් සැකකරු විසින් තම ජංගම දුරකථනයට එවීමෙන් පසු, සිය වියදමින් සුනඛයා රත්නපුරයේ සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ලිපිනයකට එවූ බවද ඔහු පවසා තිබේ.

    කෙසේවෙතත් එම ලදුපත ව්‍යාජව සැකසූ එකක් බව පසුව හෙළිවූ බව පැමිණිල්ලෙහි සඳහන්.

    ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරු කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.

    විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු නාවල පිහිටි මාංශ වෙළඳසැළකින් ද ව්‍යාජ ලදුපතක් යොමුකරමින් එලෙසම රුපියල් 31,187ක් වටිනා මස් වර්ග ලබාගෙන ඇති බවය.

    එමෙන්ම රුපියල් ලක්ෂ 2ක් වටිනා රූපවාහිනි යන්ත්‍රයක් ද ඔහු මේ ආකාරයෙන්ම ලබාගෙන ඇති බව අනාවරණ වී තිබේ.

    මෙම ක්‍රමයම භාවිත කරමින් සැකකරු වැඩි වශයෙන් ආහාර වර්ග ලබාගෙන ඇති අතර, රුපියල් ලක්ෂ 10ක පමණ විටනාකමකින් යුත් කේක් වර්ගද ඊට ඇතුළත්.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් සැකකරුගේ නිවසේ ශීතකරණයේ වංචනික ලෙස ලබාගත් කේක් සහ කෑමවර්ග රැසක් තිබූ බව පොලීසිය පැවසීය.

    සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 8වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 202605 Views

    තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා…

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.