Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි
    Featured

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    By LFNJuly 4, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හලාවත සිට කොළඹ කොටුව බලා අද (04) පෙරවරුවේ ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් නිසා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබුණි.

    දුම්රිය නියාමක සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, සංඥා දෝෂ ඇතිවීම වැළැක්වීමට බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවය.

    හලාවත සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 810 දරන දුම්රිය රාගම දුම්රිය ස්ථානයට පැමිණීමේදී අංක 98 පාලන සංඥාව දෝෂ සහිත තත්ත්වයක පැවති බව දුම්රිය නියාමක සංගමය සඳහන් කළේය.

    එහි ප්‍රධාන නියාමකවරයා පැවසුවේ ඒ හේතුවෙන් දුම්රිය තවදුරටත් ධාවනය නොකර කඩිනමින් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගත් බවය.

    ප්‍රධාන නියාමක යූ.එච්. ආරියරත්න මහතා,

    “රාගම දුම්රිය ස්ථානයේ ඇතුළත් වීමේ සංඥා අංක 98 පාලන සංඥා දීලා තිබ්බේ. මගේ තිරිංග මැදිරිය පසු කරනවාත් එක්ක ඒ සංඥා නිමෙන්න ඕනේ. ඒත් නිමුනේ නෑ.. මම දුම්රිය නවත්තලා ආයේ පස්සට ගිහින් බලද්දිත් සංඥාව පත්තුවෙලා තිබ්බේ. ඊට පස්සේ රියදුරා දැනුවත් කරලා මම ඡායාරූප ලබාගෙන අදාළ අංශ දැනුවත් කළා. දැන් මේ විදිහට ඉදිරියට ධාවනය කරලා තව දුම්රියක් තිබ්බා නම් විශාල ගැටලුවක් වෙන්න තිබ්බා.”

    දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් මහතා,

    “මේ වගේම සිද්ධියක් වෙලා තියෙනවා අලව්වේ සහ ගනේමුල්ලේ දුම්රිය ස්ථානවල. සංඥාවල දෝෂ නිවැරදි කරන්න කටයුතු කරන්නේ නැත්තම් ඉදිරියේදී විශාල අනතුරක් සිදු වෙන්න පුළුවන්.”

    මේ අතර ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඉහත සිදුවීම් සිදුවීමට හේතුව, ඒ සඳහා වගකිව යුත්තේ කවුද? හා දුම්රිය ධාවනය සඳහා සංඥා පද්ධතිය කොතරම් දුරට විශ්වසනීය හා ආරක්ෂාකාරී ද යන්න පිළිබඳව විධිමත් සාකච්ඡාවකින් තහවුරු කරන ලෙසය.

    “දුම්රිය මගීන් හා දුම්රිය කාර්යමණ්ඩලය මෙම තත්ත්වය හමුවේ ඇති ජීවිත අවදානම හේතුවෙන් සංඥා පද්ධතිය නැවත පරීක්ෂා කොට දුම්රිය විශ්වසනීය හා ආරක්ෂාකාරී ධාවනයට ලබා නොදෙන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව කනගාටුවෙන් දන්වා සිටිමු.” යනුවෙන් ද එහි සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.