Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා
    Featured

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    By LFNJuly 4, 2025Updated:July 4, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබේ.

    කෙසේවෙතත් මෙම නිරද්‍ය නොවන තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුවී නොමැති බව පවසන මූල්‍ය අරමුදල, වැඩිදුරටත් පවසන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ගයක් නොගැනීමට තීරණය කර ඇති බවය.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා නිකුත් කළ ප්‍රකාශය.

    “විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවලට අනුකූල නොවන මිලදී ගැනීම් මෙන්ම, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ සිදු වූ බැඳීම් කඩ කිරීමක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී.

    විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පළමු, දෙවන සහ තෙවන සමාලෝචනවල දී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබා දෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූල නොවන මිලදී ගැනීම් සිදුවිය.

    ජා.මූ. අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම චේතනාන්විතව සිදු වී නොමැති අතර, රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තාකිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ ‘හිඟ මුදල්’ යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු විය.

    පවතින රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හිඟ මුදල් ආපසු ගෙවීම සිදුකිරීම හරහා බලධාරීන් විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර මෙන්ම ඉදිරියේ දී හිඟ මුදල් එකතු වීමේ හෝ තොරතුරු නිරවද්‍ය නොවන ලෙස වාර්තා කිරීමේ අවදානම අවම කිරීම සඳහා නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුකූලව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම පිළිබඳව විධායක මණ්ඩලය විසින් ධනාත්මකව සලකා බලන ලදී.

    ඒ අනුව අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවෙන් සහන ලබාදීමට විධායක මණ්ඩලය එකඟ වූ අතර, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළේය” ඔකමුරා මහතා නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250133 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.