Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්
    Featured

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    By LFNJuly 3, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක උරුම සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කළේය.

    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මේ වන විට සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් නැතිවුවත් ඉදිරියේදී මෙම අනවසර ඉදිකිරීම් සීගිරියට යම් තර්ජනයක් එල්ලකරනු ඇති බවය.

    මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් සීගිරිය අතීතයේ සිට වර්තමානය දක්වාම ලංකාද්වීපයේ අසිරිය ලෝකයට කියාපාන දැවැන්ත සංකේතයකි.

    ක්‍රි.ව. 05 වන ශතවර්ෂයේදී කාශ්‍යප රජු විසින් රාජධානියක් සහ සැලසුම් සහගත නගරයක් බවට පත්කළ සීගිරි පර්වතයේ වාස්තු විද්‍යාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පීය සැකසුම් සහ බිතුසිතුවම් ලෝකයේම අවධානය දිනාගත්තේය.

    ඒ අනුව 1982 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට සීගිරිය ප්‍රකාශ කරන ලද්දේ අතිවිශාල දෙස් විදෙස් ආකර්ශනයක් හිමිකර දෙමිනි.

    කෙසේ වෙතත් වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇති බවට ජාතික පුවත්පත් කිහිපයක් අද වාර්තා කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි,

    “මෙම අනවසර ඉදිකි‍රීම් මෙවැනි සංවේදී තැන්වල සිදුවෙලා තියෙන්නේ පසුගිය රජයන් මේ වෙනුවෙන් කටයුතු කළ විදිහ සහ අවසරදීමේ පිළිවෙලක් නැති නිසා. සීගිරියේ පර්වතයේ ඉඳලා 200 සීමාව සහ යාර 400 සීමාව කියන කොටස ඇතුළේ අනවසර ඉදිකිරීම් 124ක් තියෙනවා. ඒවා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු අපි දැන් දියත් කරලා තියෙනවා. ආයතන 15 එකතු කරලා අන්තර් ආයතනික කමිටුවක් හදලා තියෙනවා. රජය මේ අයව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාමාණික වැඩපිළිවෙලක් හදලා.”

    කෙසේ වෙතත් අද පෙරවරුවේ පැවති අද දෙරණ Mornings වැඩසටහනට එක්වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කළේ, සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවතට විසිවී යාමේ තර්ජනයක් නැතත්, සීගිරිය අවට භූ දර්ශනය රැකගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවය.

    මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා,

    “සීගිරිය කියන්නේ ගල විතරක්ම නෙමේ. මේක වටා ලෙන් පද්ධතියක් තියෙනවා, සුසාන තියෙනවා. මෙන්න මේ භූ දර්ශනයට තමා යුනෙස්කෝවෙන් ආරක්ෂා කරන්න කියලා කියන්නේ. යුනෙස්කෝවෙන් එහෙම තර්ජනයක් තවම ඉදිරිපත් වෙලා නෑ. නමුත් අනවසර ඉදිකිරීම් වේගයෙන් වැඩි වුණොත් ඉදිරියේදී තරජනයක් වෙන්න පුළුවන් කියන තත්ත්වයක අපි ඉන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.