අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මාර්ග බාධයකයේදී අදාළ යතුරු පැදිය අණ නොතකා ධාවනය කර තිබේ.
මෙම පොලිස් වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව සඳහන්.
මේ අතර අද පෙරවරුවේ කඳාන පොලීසිය ඉදිරිපිටදී ද නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බව පොලීසිය සඳහන් කළේය.