Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»E-8 වීසා ගැන සුබ ආරංචියක්
    Featured

    E-8 වීසා ගැන සුබ ආරංචියක්

    By LFNJuly 3, 2025No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

    ශ්‍රි ලාංකිකයින් සෘතුමය රැකියා සඳහා දකුණු කොරියාවට යොමුකිරීමට කොරියානු ජනරජයේ පළාත් පාලන ආයතන සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය.

    යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

    එම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයින්ට මාස 5 සිට මාස 8 දක්වා කෙටි කාලයක් සඳහා යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මානවල සේවය කිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රථමයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව අවශ්‍ය ගිවිසුම්වලට එළැඹීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බඳවා ගැනීම් සිදුකර හැකි ඉක්මණින් දකුණු කොරියාව බලා පිටත් කිරීමට පියවර ගන්නා බව කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    මෙම රැකියා සඳහා බඳවාගැනීම සිදුකරන්නේ ශ්‍රි ලංකා රජය විසින් පමණක් බවත් ඒ සඳහා වෙනත් කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින ලෙසත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.