Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට
    Featured

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    By LFNJuly 3, 2025No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

    ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා ඉතා සූක්ෂම අයුරින් ඇසුරුම් තුල සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බව සඳහන් වේ.

    රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 වසරේ ජනවාරි පළමුවනදා සිට මේ වසරේ ජුනි දක්වා කාලය තුළ එම ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා අමෙරිකාව, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැකසහිත කුරියර් පාර්සල් ගණනාවක් විශ්ලේෂණය කර රදවා තබා ගෙන තිබුණි.

    එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් කිසිදු පුද්ගලයෙකු හිමිකම් නොදැක්වීම හේතුවෙන් එම පරික්ෂාවන් තවදුරටත් සිදුකිරීමට රේගුව කටයුතු කර ඇති බව සඳහන් වේ.

    ඒ අනුව පසුගිය 25 වනදා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් අදාළ පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එහිදි එම පාර්සල් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබේ.

    එම පාර්සල් තුල කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 101ක්, කුෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 666 ක් සහ කංසා තෙල් කුප්පි හතරක් ද තිබූ බව රේගුව සඳහන් කළේය.

    රේගු භාරයට ගත් එම මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් මිලියන 60 ක් වන අතර මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.