Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න
    Featured

    අස්වැන්න නෙළන ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

    By LFNJuly 2, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට රජයේ ගබඩා ගොයම් කපන ස්ථානවල විවෘත කර වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතයි.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.

    පසුගිය දා වී අලෙවි මණ්ඩලය හා සෙසු පිරිස සමග පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අනුව අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවල මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතය.

    වී මිලදී ගැනීම සඳහා මේ වනවිට රු කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    නාඩු වී කිලෝවක් රු 120කට, සම්බා වී කිලෝවක් රු 125කට හා කීරි සම්බා වී කිලෝවක් රු 132කට රජයේ ගබඩාවලට මිලදී ගැනීමට නියමිත බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, ප්‍රමිතිගත වී සියලු ගොවීන්ට මෙම ගබඩාවලට ලබාදිය හැකි බව ද කියා සිටියේය.

    මේ අතර, තෙත වී සඳහා ද මෙවර මිලක් නියම කර ඇති අතර, ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රු 102කට, සම්බා තෙත වී කිලෝවක් රු 105කට සහ කීරි සම්බා තෙත වී කිලෝවක් 112කට ගොවියාට විකිණිය හැකියි.

    රජයේ ගබඩාවලට තෙත් වී ලබාගැනීමට හැකියාවක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවි ජනතාවට අසාධාරණයක් නොවෙන්න සියලුදෙනා කටයුතු කරන ලෙස ද පවසා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.