Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ඉන්දියාව උනන්දුවෙන්
    Featured

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ගැන ඉන්දියාව උනන්දුවෙන්

    By LFNJuly 2, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් පසුගිය (30) බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුව තිබේ.

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සඳහා ආයෝජන අවස්ථා පිළිබඳව සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කළ හැකි නව මංපෙත් සෙවීමේ අරමුණින් මෙම හමුව පැවති අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින හා අනාගත ආයෝජන අවස්ථා පිළිබඳවත්, දෙරට අතර තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත්, හරිත බලශක්ති, විකල්ප ඉන්ධන ප්‍රභවයන්, නවීන තාක්ෂණ හා පරිසර හිතකාමී ව්‍යාපෘති ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් වූ බව බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ CII හි හිටපු සභාපති, ITC Limited සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර සන්ජීව් පුරි මහතා, Lanka Indian Oil Corporation සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා, Hykon India Limited සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝ ජෝර්ජ් මහතා ඇතුළු බලශක්ති හා හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් පිරිසක් එක්ව සිටි ඇත.

    මෙම හමුව ශ්‍රී ලංකාව තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන වැඩිදියුණු කිරීම හා දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.